පිත්තාශයෙහි ගල්

ගෝල්ස්ටොන්ස් (Gallstones) යනු පිත්තාශයෙහි ඇති වන කුඩා ගල් වන අතර බොහෝවිට මේවා කොලෙස්ටෙරෝල් වලින් සෑදී ඇත. බොහො අවස්ථාවලදී එමගින් කිසිදු ලක්ෂණයක් පෙන්නුම් නොකරන අතර ප්‍රතිකාර කිරිම අවශ්‍ය නොවේ.

රෝග ලක්ෂණ - පිත්තාශයෙහි ගල්

පිත්තාශයෙහි ගල් (ගෝල්ස්ටොන්ස්-Gallstones) මගින් බොහෝවිට කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරයි. නමුත් එය කිසියම් සිදුරක(ප්‍රනාලයක) සිර වුවහොත් එමගින් ක්‍ෂණික තීව්‍ර වේදනාවක් උදරයේ ඇතිවන අතර එය පැය 1-5 පමණ කාලයක් පැවතිය හැක. උදරයේ ඇතිවන මෙවැනි වේදනාවන් පිත්තාශය ආශ්‍රිත උදර වේදනා ලෙස හදුන්වනු ලබයි. සමහර පුද්ගලයන්ට මෙමගින් පිත්තාශ ප්‍රදාහය (ඉදිමීම) වැනි අතුරු ආබාධ ඇතිවිය හැක. මෙමගින් ඇතිවන දෑ:

  • දීර්ඝකාලීන වේදනාව
  • ඇස් සහ සම කහ පැහැති වීම
  • ශරීර උෂ්ණත්වය ඉහළ යාම

පිත්තාශයෙහි ඇති ගල් මගින් රෝග ලක්ෂණ හෝ අතුරු ආබාධ පෙන්නුම් කරන විට එය පිත්තාශයෙහි ගල් රෝගය හෝ 'කොලෙලිතයිසිස් (cholelithisis)' ලෙස හදුන්වනු ලබයි.

පිත්තාශය

පිත්තාශය යනු අක්මාවට යටින් ඇති කුඩා මල්ලක් වැනි අවයවයකි. එහි ප්‍රධාන කාර්යය වන්නේ පිත ගබඩා කිරිම සහ සාන්ද්‍රනය කිරිමයි පිත යනු මේදය ජීරණය කිරිමට සහය වන අක්මාව මගින් නිපදවනු ලබන දියරයකි. එය පිත්ත ප්‍රනාල ලෙස හදුන්වන නාලිකා සමූහයක් ඔස්සේ අක්මාවේ සිට පිත්තාශය වෙත යවනු ලබයි. පිත පිත්තාශයෙහි ගබඩා කරන අතර මේදය හොඳින් ජීරණය කිරිමට කාලයත් සමග එය වඩාත් සාන්ද්‍රනය වේ. පිත්තාශය මගින් අවශ්‍ය වූ විට පිත ජීරණ පද්ධතිය වෙත නිදහස් කරනු ලබයි.

පිත්තාශයෙහි ගල් ඇතිවිය හැකි හේතු මොනවාද?

පිත නිශ්පාදනයේදී ඇති වන රසායනික අසමතුලිතතා පිත්තාශයෙහි ගල් ඇති වීමට හේතු ලෙස නිගමනය කරනු ලබයි. බොහො අවස්තාවලදී පිතෙහි කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉතා ඉහළ වන අතර එහි ඇති අතිරේක කොලෙස්ටරෝල් මෙම ගල් ඇතිවීමට හේතු වේ. සුලු පිරිසක් රෝග ලක්ෂණ පෙන්නුම් කලද පිත්තාශයෙහි ගල් ඇති වීම බෙහෙවින්ම සාමාන්‍ය දෙයකි. ඔබට පිත්තාශයෙහි ගල් ඇති වීමට අවදානමක් ඇත්තේ ඔබ:

  • අධික බර හෝ තරබාරු
  • කාන්තාවක් (විශේෂයෙන්ම දරුවන් සිටීනම්)
  • 40 හෝ වැඩි(වයසට යාමත් සමග අවදානම වැඩිවේ)

පිත්තශයෙහි ගල් සදහා ප්‍රතිකාර

ප්‍රතිකාර සාමාන්‍යයෙන් අවශ්‍ය වන්නේ එම ගල් මගින් මෙවැනි දේ ඇති කරන විට පමණි:

  • රෝග ලක්ෂණ, උදර ආබාධ
  • සංකූලතා ලෙස ඇස් සම කහ පැහැති වීම, අග්න්‍යාශදාහය

මෙම අවස්ථාවලදී , ප්‍රධාන ලෙස පිත්තාශය සැත්කමකින් ඉවත් කිරිම නිර්දේශ කරයි. මෙම ක්‍රියාවලිය ලැපරොස්කොපික් කොලිසිස්ටමි (laparoscopic cholecystectomy) ලෙස හදුන්වන අතර එය සාපේක්ෂව සරල, සංකූලතා අවම ක්‍රියාවලියකි. පිත්තාශය නොමැතිව සාමාන්‍යය ජිවිතයක් ගත කල හැක. ඔබගේ අක්මාව මගින් තවමත් ආහාර ජීරණයට පිත නිපදවන අතර, නමුත් එය පිත්තාශයෙහි ගබඩා නොවී කුඩා අන්ත්‍රය වෙත නොකඩවා ගමන් කරයි.

ඉදිරි දැක්ම

මෙම රෝගයට සාමාන්‍යයෙන් සැත්කමකින් පහසුවෙන් ප්‍රතිකාර කරයි. ඉතා උග්‍ර අවස්ථාවලදී , විශේෂයෙන්ම දුර්වල සෞඛ්‍ය තත්වයක් ඇති පුද්ගලයන්ට ජීවිත තර්ජනයක් ඇතිවිය හැක. නමුත් මෙම රෝගයෙන් ඇතිවන මරණ දුර්ලභය.